Wednesday, February 23, 2011

සු සැට මායම්

වලත්තයාට කනේ පාර

සුදු කෙල්ල

1500 ක් ලු

ගියෙමි අගනගරයට...
එහි සුන්දරත්වය දකින්නට...
නෙත ගැටුනි දෙවගනක්....
කිටි කිටියෙ තදතවෙන්න ඇග පේන ලෙස ඇදපු...
අඩියක් පමණ උස මිරිවැඩි සගල...

ලංවෙලා බැලූකල ලංසුවක් තබන්නට...
1500 ක් ලු රුපියල්ම.....
එබී බැලුවේ පොකැට්ටුව ගෙන අතට...
වෙලාවට... ඉන්නවා මොනරුන්ම තුන්දෙනෙක්.....

නැගුනි තුන්සක් රියට....
වැදුනි කාමරයකට....
හොවාලා ඈ සයනෙ..
පටන් ගන්නත් කලින් වැඩේ අවසන් වෙලා....

තැබූ කල පොරොන්දුව ඇය අත...
1000 ක්ම ආපසු දී මට...
පැවසුවේ ඇය හොද වෙදෙක් සොයාලා
බෙහෙත් කර ගන්නා ලෙසට
ක්ෂණික මෝචනයට......

පබාට ලියූ කවි



පිරිමිත් වරදෙ බැදෙන
හේතුව දන්නෙහිද
මෝල් ගස් දහයකින්
බැරිය සනසවන්නට
සමහර ගැහැනුන්ගෙ අමාරුව
ඉතින් පොඩි උදවිවක් කලාම
මක් වේද?

පබා නමි හරි හොදයි
මේ කවිය ලිවිවෙ නමි එයාට නොවෙයි
අහිංසක කොල්ලන්ගේ
කුමර බඔසර බිදින
පට්ට වෛශාවන්ට

රුව කත රුව නැත
ගුණ කත රුව නැත
රුව ගුණ ඇති කත
ලග පතිවත නැත

Tuesday, February 22, 2011

සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී......


සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී...

කැන්දා කාන්තිය මුඳු සඳ වත පිපුන
සැන්ඳැ වළාවක ‍රැඳි සිසිලින් පිරුණ
මුඳු බව ‍රැගෙන සමනළ ත‍ටුවල ‍රැදුන
ආඩම්බර ගතිය මොනරිඳු ගෙන් ‍රැගෙන...

අහසක් සේ අනන්තයකට යන ඇල්ම
සහසක් තරු පොකුරු පරදාලන බැල්ම
වෙහෙසක් නොදැනෙනා කතිකාවෙහි ලොල්ව
රහසක් වුනේ නැහැ මට නුඹගේ කැල්ම...

මිටිකොට පරෙවි යහනක සුව පහස සදා
තරු කැට, හිරු එළිය ගෙන උණුසුම පහදා
මිණි කැට බඳු වූ නෙත් යුග පෙරමඟ පවසා
කැටිකොට පෑ සෙනෙහේ ගඟ නොසිදේය සදා

සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී
ඒ සිතින් හෙටත් මම ජීවත් වේවී
පෑ නෙතින් කඳුලු නුඹ ළඟ වියැලේවී
මා ඉතින් ඉදිමි ඒ වෙනුවෙන් පේවී....

නෙත් මායිමේදී....

හා පැටව් දෙන්නා මගේ
සඳ මඬලේ තනි කරවා
තරු නෙතින් හෙලමින් බැලුම්
සඳ දියේ හිනැහෙනවා
සීතළට මිහිදුම් සළුත් මදි
තුන් හිතම දනවා
පිණි කඳුළු දු‍ටුවාද?
කඳුළුත් සීතළේම සඟවා


කීරලෙක් හිස් අහස කම්පා
කරවමින් හැඬුවා
ගී ගයන්නට නොදත් කල
වෙන කරන්නද මොනවා
පීරමින් මුඳු වළා කෙහෙ‍රැළි
හොදින් රොද හැදුවා
සීරුවට රඳවනු නොහේ
ළා සුළඟ කිතිකැව්වා


ළා සඳේ සොළොසින් කලා
පුරමින් රුසිරු මැව්වා
වෙහෙස වූවත් සහසකර
නිති දරු සෙනේ හෙව්වා
උදාගිරගින් නැගී අවරින්
ගිලී නෙතු දල්වා
ගව් යොදුන් දුර වුවද පෙනෙනා
මායිම ම හෙව්වා..