Tuesday, February 22, 2011

සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී......


සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී...

කැන්දා කාන්තිය මුඳු සඳ වත පිපුන
සැන්ඳැ වළාවක ‍රැඳි සිසිලින් පිරුණ
මුඳු බව ‍රැගෙන සමනළ ත‍ටුවල ‍රැදුන
ආඩම්බර ගතිය මොනරිඳු ගෙන් ‍රැගෙන...

අහසක් සේ අනන්තයකට යන ඇල්ම
සහසක් තරු පොකුරු පරදාලන බැල්ම
වෙහෙසක් නොදැනෙනා කතිකාවෙහි ලොල්ව
රහසක් වුනේ නැහැ මට නුඹගේ කැල්ම...

මිටිකොට පරෙවි යහනක සුව පහස සදා
තරු කැට, හිරු එළිය ගෙන උණුසුම පහදා
මිණි කැට බඳු වූ නෙත් යුග පෙරමඟ පවසා
කැටිකොට පෑ සෙනෙහේ ගඟ නොසිදේය සදා

සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී
ඒ සිතින් හෙටත් මම ජීවත් වේවී
පෑ නෙතින් කඳුලු නුඹ ළඟ වියැලේවී
මා ඉතින් ඉදිමි ඒ වෙනුවෙන් පේවී....

No comments:

Post a Comment