Wednesday, February 23, 2011

සු සැට මායම්

වලත්තයාට කනේ පාර

සුදු කෙල්ල

1500 ක් ලු

ගියෙමි අගනගරයට...
එහි සුන්දරත්වය දකින්නට...
නෙත ගැටුනි දෙවගනක්....
කිටි කිටියෙ තදතවෙන්න ඇග පේන ලෙස ඇදපු...
අඩියක් පමණ උස මිරිවැඩි සගල...

ලංවෙලා බැලූකල ලංසුවක් තබන්නට...
1500 ක් ලු රුපියල්ම.....
එබී බැලුවේ පොකැට්ටුව ගෙන අතට...
වෙලාවට... ඉන්නවා මොනරුන්ම තුන්දෙනෙක්.....

නැගුනි තුන්සක් රියට....
වැදුනි කාමරයකට....
හොවාලා ඈ සයනෙ..
පටන් ගන්නත් කලින් වැඩේ අවසන් වෙලා....

තැබූ කල පොරොන්දුව ඇය අත...
1000 ක්ම ආපසු දී මට...
පැවසුවේ ඇය හොද වෙදෙක් සොයාලා
බෙහෙත් කර ගන්නා ලෙසට
ක්ෂණික මෝචනයට......

පබාට ලියූ කවි



පිරිමිත් වරදෙ බැදෙන
හේතුව දන්නෙහිද
මෝල් ගස් දහයකින්
බැරිය සනසවන්නට
සමහර ගැහැනුන්ගෙ අමාරුව
ඉතින් පොඩි උදවිවක් කලාම
මක් වේද?

පබා නමි හරි හොදයි
මේ කවිය ලිවිවෙ නමි එයාට නොවෙයි
අහිංසක කොල්ලන්ගේ
කුමර බඔසර බිදින
පට්ට වෛශාවන්ට

රුව කත රුව නැත
ගුණ කත රුව නැත
රුව ගුණ ඇති කත
ලග පතිවත නැත

Tuesday, February 22, 2011

සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී......


සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී...

කැන්දා කාන්තිය මුඳු සඳ වත පිපුන
සැන්ඳැ වළාවක ‍රැඳි සිසිලින් පිරුණ
මුඳු බව ‍රැගෙන සමනළ ත‍ටුවල ‍රැදුන
ආඩම්බර ගතිය මොනරිඳු ගෙන් ‍රැගෙන...

අහසක් සේ අනන්තයකට යන ඇල්ම
සහසක් තරු පොකුරු පරදාලන බැල්ම
වෙහෙසක් නොදැනෙනා කතිකාවෙහි ලොල්ව
රහසක් වුනේ නැහැ මට නුඹගේ කැල්ම...

මිටිකොට පරෙවි යහනක සුව පහස සදා
තරු කැට, හිරු එළිය ගෙන උණුසුම පහදා
මිණි කැට බඳු වූ නෙත් යුග පෙරමඟ පවසා
කැටිකොට පෑ සෙනෙහේ ගඟ නොසිදේය සදා

සිහිනෙකින් නොවේ හැබැහින් නුඹ ඒවී
ඒ සිතින් හෙටත් මම ජීවත් වේවී
පෑ නෙතින් කඳුලු නුඹ ළඟ වියැලේවී
මා ඉතින් ඉදිමි ඒ වෙනුවෙන් පේවී....

නෙත් මායිමේදී....

හා පැටව් දෙන්නා මගේ
සඳ මඬලේ තනි කරවා
තරු නෙතින් හෙලමින් බැලුම්
සඳ දියේ හිනැහෙනවා
සීතළට මිහිදුම් සළුත් මදි
තුන් හිතම දනවා
පිණි කඳුළු දු‍ටුවාද?
කඳුළුත් සීතළේම සඟවා


කීරලෙක් හිස් අහස කම්පා
කරවමින් හැඬුවා
ගී ගයන්නට නොදත් කල
වෙන කරන්නද මොනවා
පීරමින් මුඳු වළා කෙහෙ‍රැළි
හොදින් රොද හැදුවා
සීරුවට රඳවනු නොහේ
ළා සුළඟ කිතිකැව්වා


ළා සඳේ සොළොසින් කලා
පුරමින් රුසිරු මැව්වා
වෙහෙස වූවත් සහසකර
නිති දරු සෙනේ හෙව්වා
උදාගිරගින් නැගී අවරින්
ගිලී නෙතු දල්වා
ගව් යොදුන් දුර වුවද පෙනෙනා
මායිම ම හෙව්වා..

නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද

හිත ඇද බැඳුන මුත් ඒ සිත ළඟ තනිවී
ගතවුන දින බොහෝ, නැති කිසි දින හමුවී
නෙත කඳුළක එතුන දිග සුසුමක ගුළිවී
මතකය අවදි කරනෙමි නුඹමෙන් තනිවී

සිහිනෙන් ගෑව සුවඳක් මෙන් සිත ඇන්ද
විඟහින් එනු නොවී කල් යල් බැලුයෙන්ද
සුපසන් ඇල්ම ඇල්වී , බැමි දු‍ටුයෙන්ද
නොපහන් විහඟ ගී හිතකට නොතරම්ද

සියපත් සේ සුමුදු පිවිතුරු පෙම බැන්ද
සුනරුත් වී නෙතට කඳුලක් වී බින්ද
නුඹ ලත් දුකම විඳි, මම නොනිදා නින්ද
තවමත් ඒ සිහිනයෙම ගැල්වී මන්ද

හඬනා දුක දැනී කඳුළෙහි පතුල නෙරා
කිපුනා සොබා දහමත් රුදු ගතිය දරා
ගලනා ලෙස සයුර පරදින කඳුළ අරා
හැපුනා නිල්වලාවත් සිය ඉවුරු ඉරා

දිරියෙන් දිරි දරා ජය ටැඹ වෙත ඇදෙන
නුඹවන් කෙනෙකු හට එහි ඉනිමං බඳින
නොමවන්නට නොදී අවැඩක් හෝ සිතින
පුලුවන්නම් මටත් එය සතුටකී නිතින

නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන

හිතට මුවාවී ගෙන ඉද සිත් බැන්ද
දුකට උණු කදුළු වල පහසම වින්ද
එකට යා නොහැකි උසුලා දුක් කන්ද
දැහැට නොපෙනිලත් නුඹ සිටියේ මන්ද

වදන් වල අරුත් පසිඳා ගත හොහිනී
උපන් ගෙයිම ප්‍රේමය වළලා දැමුනී
සිතන්නට පවා ලොබ හිත් තුල බැඳුනී
පසන් පෙම දෙසිත් අතු ඉති ලා වැඩුනි

උඩු සිත් අරා නැ බෑ කීවත් අරම
යටි සිත් තු‍ටු වු අරුමය කියනුද කෝම
පිළිවෙත් ගරු කරන් හිත හැඩු කඳුළින්ම
මුනිවත් රකින යුරු ඉවසන්නද මේම

කිසිදා එක් නොවෙන එක ළඟම ඈඳුන
නොනිදා පහන් වූ සිහිනයෙම රෑ වුන
වෙනදා වගේමයි ඒ සිතම පෑහුන
හැමදා ඉඳින්නද මේ ලෙසින් නෑසුන.......

අපරාදේ වැලන්ටයින්

ආවේ නෑ වැලන්ටයින්
අවුරුදු හතරක් හිටියා බලන්
ලැබුනේ නෑ මල්
හිටපු පෙම්වතිය රැඩිකල්
“ආදරය විකුණන්න මං කැමති නෑ“
අළුත් පෙම්වතී - හරි අහිංසකී
හිටියේ මාස දෙකයි
දවස් දෙක තුනකට කලින්
ඇයත් ගියා යන්න
වැලන්ටයින්
මං උඹට කියන්නමයි හිටියේ
මහන්සි වෙන්න එපා වරු ගණන්
“ ප්‍රේමය මහ බොරුවක් බං“